DIG නාලකට තවත් චෝදනාවක්

Share

තම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුකෙරෙමින් ඇතැයි ‍සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයින් පැවසීය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර යන දෙදෙනා සහ ප්‍රංශයේ සිටින තුෂාර සම්පත් නැමැති තවත් පුද්ගලයෙකු එක්ව මෙම ඝාතන කුමන්ත්‍රණය සිදු කර ඇති බව එම පක්ෂිකයක් පැවසීය.

එම පක්ෂයේ සාමාජිකයින් අද (23) පොලිස් මූලස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනපති සහ අගමැති ද දැනුවත් කර ඇති අතර තම පක්ෂ නායකයාට සැලකිය යුතු පොලිස් ආරක්ෂාවක් ලබා දිය යුතු බවත් ඔවුන් වැඩ්දුරටත් පැවසීය.
 

Read more

Local News