ත්‍රස්තවාදය පිටු දකින තීන්දුව රහසේම ජනපතිට දෙයි

Share

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබද විශේෂ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව පරීක්ෂා කිරීමේ විභාගය අද (23) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළේය.

ඊට අදාළ ලිඛිත දේශන අනිද්දා (25) පෙරවරු 10.00 ට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වෙත ඉදිරිපත් කරන්නැයි පාර්ශවකරුවන්ට දැනුම් දුන් විනිසුරුවරු ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ජනාධිපතිවරයාට හා කථානායකවරයා වෙත රහසිගතව යොමු කරන බවටද නිවේදනය කළේය.

එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා හා කතානායකවරයා වෙත යොමු කරනු ලබන අතර සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම විභාගය පැවැත්විණි.

Read more

Local News