ඛශෝගි මැරුවේ සැලසුම් කරලා

Share

මාධ්‍යවේදී ජමාල් ඛශෝගිගේ ඝාතනය දින කිහිපයක සිට සැලසුම් සහගතව සිදුකර ඇති බව තුර්කි ජනාධිපති රීසෙප් තායිප් එර්දෝගන් පැවසීය.

තුර්කි ජනපතිවරයා මේ බව පැවසුවේ තුර්කි මන්ත්රීතවරුන් පිරිසක් සමඟ පැවති රැස්වීමකදීය.

මෙහිදී තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාල ඝාතනය ඉස්තාන්බූල් හි සෞදි කොන්සල් ජනරාල්වරයා දැනුවත්ව ඔහුගේ ආරක්ෂාව යටතේ සිදුව ඇති බවයි.

ඒ අනුව ඝාතනයට සම්බන්ධ සැකකරුවන්ට ඉස්තාන්බූල් හිදී නඩු පැවරීමට කටයුතු කරන ලෙසද තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මාධ්‍යවේදී ජමල් ඛශෝගිගේ ඝාතනය පිළිබද සම්පූර්ණ තොරතුරු තුර්කි ජනාධිපති රීසෙප් තායිප් එර්දෝගන් විසින් අද (23) දිනයේ අනාවරණය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read more

Local News