පළාත් කිහිපයකට තද වැසි

Share

දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීම ඉදිරි දින වලදීත් පවතිනු ඇති බවත්, අද (25) දිනයේදී දිවයිනේ අහස වලාකුලින් බරව පවතිනු ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100-150 තද වැසි ඇති වේ.

බස්නාහිර, ඌව, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News