චීන අපනයන දෙගුණ වෙයි

Share

ශ්‍රී ලංකාව චීනයට සිදුකරන අපනයනය වසර 10කට පසු පළමු වරට දෙගුණ වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

දිගු කාලයක සිට චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ මිත්‍රශිලි වෙළෙඳ ගනුදෙනු සිදුවන බවත්, ගෙවී ගිය දශකය දෙස අවධානය යොමු කිරීමේදී වසර 10 කට පසුව අප චීනයට සිදුකරන අපනයන ප්‍රමාණය දෙගුණයකින් වැඩි වී තිබෙන බවත්, එය අප ආර්ථික සංවර්ධනයට යෝධ ශක්තියක් වන බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩ්දුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවති, ශ්‍රී ලංකා – චීන දූත පිරිස් අතර පැවති සාකච්ඡාවක් සදහා සහභාගිවෙමින්ය.

චීනයේ ජාතික කෘෂිකාර්මික තොග වෙළෙඳසල් සංගමයේ (CAWA-China National Agriculture Wholesale Market Association) සභාපති Zengijum Ma සෙංගේජුම් මා මහතා ගේ නායකත්වයෙන් සිව් දෙනෙකුගෙන් යුත් චීන දූත පිරිසක් සාකච්ඡාව සඳහා එක්විය.

මෙම සංගමය චීනයේ ප්‍රධාන වෙළෙඳ සංකීර්ණ 200කට අධික සාමාජික පිරිසගෙන් සමන්විත වන අතර මෙම සංගමයේ වාර්ෂික තොග වෙළෙඳාම් පිරිවැටුම ඇමරිකා ඩොලර් ට්‍රිලියන් 1.4 ක් පමණ වේ. තවද වෙළෙඳසල් චීනය පුරා සියලුම ප්‍රාන්තයන් හා නගර සභාවන්හි පවතී.

චීනයේ මුහුදු ආහාර නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවටත් ලබා දීම සඳහා එකඟතාවක් ඇති වු බවද එම අමාත්‍යාංශය කළ නිවේදනයේ සඳහන් වේ.

 

 

Read more

Local News