2018 ඡන්ද හිමි නාමලේඛනය අද සහතික කෙරේ

Share

2018 ඡන්ද හිමි නාමලේඛනය අද (25) දිනයේ සහතික කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අද දිනයේ සිට පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා මෙම ඡන්ද හිමි නාමලේඛනය යොදාගනු ලබන බවයි සහකාර මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලක්ෂ දෙකකින් පමණ වැඩි වී ඇති බව එම්.එම් මොහොමඩ් මහතා සඳහන් කළේය.

Read more

Local News