පුත්තලමේ වැව් රැසක වාන්දොරටු විවෘත කරයි

Share

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට රජරට ප්‍රධාන වැව් කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට කටයුතු කර ඇති බැවින් පහළ මිටියාවතේ වෙසෙන ජනතාවට අවදානයෙන් සිටින ලෙස පුත්තලම ආපදා කළමණාකරන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඊයේ (24) වන දින රාත්‍රීය වන විට මීඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ රාජංගණය ජලාශයේ අඩි දෙක බැඟින් වාන් දොරටු 2ක්ද, තබ්බෝව ජලාශයේ අඩි දෙක බැගින් දොරවල් 6ද, දැදුරුඔය ජලාශයේ අඩි තුන බැඟින් දොරවල් 4ක්ද, මේ වන විට විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තුමේන්ව සඳහන් කරයි.

මෙම ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි සපත්තු පාලම හෙවත් ක්‍රොස්වේ පිටාර ගැලීම ආරම්භ වී ඇති බැවින් එහි ජල මට්ටම අඟල් 35 දක්වා ඉහළ යමින් තිබෙන බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

Read more

Local News