වෑන් රථයේ ගැටුණූ ගැබ්බර අැතින්න මරුට

Share

වෑන් රථයක් ගැබ්බර ඇතින්නියෙකුගේ ගැටීමෙන් සිදුවු අනතුරකින් ඇතින්නිය මිය ගොස් ඇත.

හබරණ, කත්තලේ මාර්ගයේ යකාවංගුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් අදාළ වෑන් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙලස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 පමණ ගැබ්බර ඇතිනියක් බව කවුඩුල්ල වන ජීවි කාර්යාලය පවසයි.

අනතුර සම්බන්ධයෙන් අදාළ වෑන් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News