2030 වෙනකොට දුප්පත්කම ඉවරයි

Share

ලෝක බැංකුව සඳහන් කර අැති පරිදි ලෝකයේ ජනගහණයෙන් අඩකම දෛනික ආදායම ඩොලර් 5.5ට අඩුවි තිබේ.

ලෝක ජනග්‍රහණයෙන් හරි අඩකටම තවමත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇති බව ලෝක බැංකු වාර්තාවේ සඳහන්වේ.

ලෝකයේ අන්ත දුගී බවෙන් පෙලෙන ජනතාව‌ගේ දෛනික ආදායම ඩොලර් 1.90ක් බවත් 2030 වන විට එම දුගී භාවය අවසන් කිරීමට කටයුතු කරන බවත් ලෝක බැංකුව පැවසීය.

2015 වසරේදී අන්ත දුගී භාවයෙන් පෙළෙන ජනතාවගේ සංඛ්‍යාව 10%කින් අඩුව ඇති බවත් ලෝක බැංකුව පෙන්වා දි අැත.

ලෝක ජනගහණයෙන් බිලියන 1.9කගේම දෛනික ආදායම ඩොලර් 3.20 අඩු අතර එය ප්‍රතිශතකයක් ලෙස ගත්විට 26.2කි. ලෝක ජනගහණයෙන් 46%කගේම දෛනික ආදායම ඩොලර් 5.50කට වඩා අඩුව පවති.

Read more

Local News