තහනම් උත්තේජක ලැයිස්තුව අනුමත වෙයි

Share

පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් ඉදිරිපත් කළ තහනම් උත්තේජක ද්‍රව‍්‍ය ලැයිස්තුව ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ක්‍රීඩකයින් විසින් භාවිතා නොකළ ද්‍රව්‍ය හා තහනම් ක්‍රම අඩංගු ලැයිස්තුවක් ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලැබේ.

එයට සමගාමීව 2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකාව විසින් ද එම ද්‍රව්‍ය ක්‍රීඩාවලදී තහනම් ද්‍රව්‍ය ලෙස ප්‍රකාශ කරමින් නිකුත් කර ඇත.

Read more

Local News