සෞඛ්‍යත් ඩිජිටල් කරන්න ඕන රාජිත කියයි

Share

ඩිජිටල් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සිව්වන කාර්මික විප්ලවය හා සෞඛ්‍ය ආවරණය” යන තේමාව යටතේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුවට ඊයේ (24) එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වුන අතර තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය ඒකාබද්ධවයි.

“වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ දැක්ම වන්නේ කොළඹ නගරය ඉන්දියන් සාගරයේ සෞඛ්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි. එය සම්පුර්ණ කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඒ සදහා වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. පහලොස්වන ශතවර්ෂය දක්වා ආසියාව ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වුනා. 17 වන ශතවර්ෂය ආරම්භයේ දී කාර්මික විප්ලවයත් සමග එය බටහිර රටවල් දක්වා ගමන් කළා. සමාජ වෙනස් වුනා. නව ආයතන බිහි වුනා. සමාජවාදය බිහි වුනා. මමත් තරුණ අවධියේ දී සමාජවාදයට නැඹුරු වුනා. 04 වන කාර්මික විප්ලවය ඩිජිටල්, භෞතික සහ ජෛව විද්‍යාත්මක ලෝකය නියෝජනය කරනවා’’ යැයි අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News