බ්‍රාවෝ ක්‍රිකට් පිටියට සමුදෙයි

Share

හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිම ඊයේ(24) නිවේදනය කර තිබේ.

මේවන විට ඔහු 35වැනි වියෙහි පසුවේ. 2004 වසරේදි එංගලන්තයට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ඔහු වසර 14 ක කාලයක් එහි රැදි සිටියේය.

ටෙස්ට් තරඟ 40 කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 2200 ක් රැස් කිරිමට හා කඩුළු 86 ක් දවාගෙන තිබේ.

එක්දින තරගවලදි ලකුණූ 2968 ක් හා කඩුළු 199 ක් දවා ගැනිමට ඔහු සමත්ව ඇත.

එසේම ඔහු අන්තර්ජාතික විස්සයි – 20 තරඟ වලදි ලකුණූ1142 ක් රැස් කරමින් කඩුළු 52 ක් දවා ගැනිමට සමත්ව තිබේ.

Read more

Local News