අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Share

අයිස් නැමති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී බස්නාහිර පළාත්, උතුර දිසා අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 හා 28 හැවිරිදි වියේ පසුවන්නන් ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 425ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News