ජැකලීන්ගේ තහනමට ලක්වු ච්ත්‍රපටය ප්‍රදර්ශනයට

Share

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ තහනමට ලක්ව තිබූ According To Matthew ඉංග්‍රීසි චිත්‍රපටය එළැඹෙන නොවැම්බර් මාසයේදී ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් මෙහි ප්‍රධාන චරිතය රංගනයෙන් දායකවෙයි.

ජැකලින් ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණය වූ චිත්‍රපටයක් සඳහා දායකත්වය ලබාදුන් පළමු අවස්ථාවද මෙයයි.

2017 වසරේදී රූපගත කළ මෙම චිත්‍රපටය එම වසරේදීම තිරගත කරන්නට සැලසුම්කර තිබූ නමුත් යම්කිසි හේතුන් මත තහනමට ලක්කොට තිබු බව වාර්තාවේ.

පසුගිය දිනක According To Matthew චිත්‍රපටයේ ප්‍රචාරක පටය youtube වෙත එක් කර තිබුණ අතර මේ වනවිටත් මිලියන 03 කට වඩා වැඩි පිරිසක් මෙම වීඩියෝව නරඹා ඇත.

Read more

Local News