කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් වීමට උචිත අවස්ථාවක්

Share

වසර කිහිපයක් පුරා පැවති නියං තත්ත්වය පහව ගොස් රටට වැසි ලැබෙමින් පවතින මෙම අවස්ථාව කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සඳහා සූදානම් වීමට ඉතා උචිත අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.

අපේ රටේ වගා කළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය සීමා කර ස්වශක්තියෙන් නැඟී සිටීමේ කෘෂි ආර්ථික වැඩපිළිවෙළට අප කඩිනමින් අවතීර්ණ විය යුතුව ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.

කටුපොත, පොතුවැව, ශෛලතලාරාම රජමහා විහාරයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව ප‍්‍රදේශයේ ජනතාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

කාලගුණික සහ දේශගුණික විපර්යාස හමුවේ මුහුණ දීමට සිදුව ඇති අභියෝග තේරුම් ගනිමින් රටේ ආර්ථික ගැටලු විසඳාගැනීමට සියලුදෙනා සාමූහික ප‍්‍රයත්නයකට එක්වීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේ ය.

Read more

Local News