ජනපතිගේ නාම නිර්දේශ 8න් 3කට අනුමැතිය

Share

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට සාමාජිකයන් පත්කිරීමට අදාළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්දේශ කර තිබූ නාමයන් 8න් 3කට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) රැස්විය.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරෙන් දෙදෙනෙකු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍ සභාවේ අනුමැතිය හිමි වු අතර අභියාචනාධිකරණයේ විනිසුරු ධූරයන් සඳහා ජනාධිපති විසින් නිර්දේශ කරන ලද නාමයන් හතරක් අතුරින් එක් අයෙකු සඳහා පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.

Read more

Local News