වතු කම්කරුවන් වෙනුවෙන් ගුරුවරු පාරට බසිති

Share

වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු. 1000 දක්වා ඉහළ දමන ලෙස වතු සමාගම්වලට බලකරමින් හැටන් කොටගල ගුරු විද්‍යාලයේ ගුරු අභ්‍යාස ලාභි ගුරුවරුන් අද (26) උදැසන උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.

හැටන්-නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ එම ගුරු විදුහලට පිවිසුම් මාර්ගය ඉදිරිපිට මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

උද්ඝෝෂයේ නියැලි සිටි අභ්‍යාසලාභි ගුරුවරුන් අවධාරණය කර සිටියේ දැනට රටේ පවතින ජිවන වියදම අනුව අඩුම වැටුපකට වැඩ කරන ශ්‍රමිකයන් සිටින්නේ වතුකරයේ බවයි.

එබැවින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු. 1000 දක්වා ඉහළ දැමිමට රජය මැදිහත් විය යුතු බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි ගුරු අභ්‍යාසලාභින් කියා සිටියේ. අද උදැසන 7.30 සිට උදැසන 8.30 දක්වා මෙම උද්ඝෝෂණය පවත්වා ඇත.

Read more

Local News