LTTEයට වන්දි ගෙවන්න බැ පාඨලී කියයි

Share

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කර අැත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඔවුන්ට කිසිවිටෙකත් හානිපූර්ණ පනත මඟින් වන්දි නොලැබෙන බව මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඊයෙ (25) පැවති උත්සවයක් අමතමින්ය.

.“පළමුවෙන්ම 1986 සිට අතුරුදහන් වූවන්. ඒ අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා, හානිපූරණය සඳහා වන කාර්යාලයක් පිහිටුවා අැති අතර එම කාර්යාලය මගින් ජනාධිපතිතුමා පිරිසක් පත් කරනවා හානිපූරණය කරන්න. කාගෙද? හිංසාවට පත් වූ අයගේ.  එම කාර්යාලය මගින් මෙන්න මේ ගොල්ලො තමයි නිශ්චිතව අතුරුදහන් උනේ කියලා, යුධ හමුදාවේ වේවා, සිවිල් ජනතාව අතර වේවා යම්කිසි පිරිසකගේ නාමලේඛනයක් එවනවා නම්, එම නාම ලේඛනයේ වන්දි ගෙවන්න යම්කිසි හානි පූර්ණයකට සුදුසු අය තෝරලා බලලා නිර්දේශ කිරීම පළවෙනි වගකීම.ඒ වගේම ඒ කියන ඉල්ලීම්, මෙම පුද්ගලයා අතුරුදහන් වෙලාද, පිටරටද ඉන්නේ, ඒ අයගේ ආදයම් තත්වය මොකක්ද කියලා හොයලා බලලා එම ඉල්ලීම ඇත්තද, නැත්තද කියලා බලන එක. ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතාවයේ මට්ටම හඳුනාගෙන, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන නීති රීති ප‍්‍රතිපාදන මොනවාද කියලා රජයට යෝජනා කරන එක.

මොකද අද මේ ගංවතුරක් ගැලූවත්, මොනවා හරි ආගමික ගැටුමක් ඇති වුණත් 1987 තිබූ පැරණි පනතකින් තමයි ඒ වන්දි ගෙවීම ප‍්‍රාදේශීය ලේකම්ලා කරගෙන ගියේ. නමුත් ඒ සඳහා විධිමත් මාර්ගෝපදේශයක් තිබුණේ නැහැ. අන්න ඒ විධිමත් මාර්ගෝපදේශ ලබාදෙන්නයි මෙය ගෙනාවේ.

මුලින්ම මෙම කාර්යාලයෙන් එම මාර්ගෝපදෙශයන් ලබාදෙන්න  ඕනේ කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලය එය පාර්ලිමේන්තුවට ගේන්න  ඕනේ. පාර්ලිමේන්තුව මගින් එම මාර්ගෝපදේශය අනුමත කරන්න  ඕනේ මිත‍්‍රවරුණි. ඒ නිසා මේ රටේ කිසිම තැනක මේ හානි පූර්ණයෙන් මේ ත‍්‍රස්තවාදීන්ට හෝ වෙනත් අයට ලබාගන්න බැහැ.

කවුද පීඩාවට පත් වූවන් කියන්නේ? මෙහි බොහොම පැහැදිලිව තියෙනවා, මේ උතුරු හා නැගෙනහිර දෙපළාතේ ගැටුම්වල ප‍්‍රතිපළයක් හැටියට හෝ එයට සම්බන්ධයක් හැටියට හෝ පසු විපාකයක් හැටියට යම්කිසි පීඩාවට පත් වෙච්ච අය. එතකොට උතුරු නැගෙනහිර කිව්වහම කොළඹ බෝම්බ පිපිරීමුත් අයිතියි, ගැටුම් අයිතියි. යුද්ධයෙන් හැම තැනකම පීඩාවට පත්වෙච්ච යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයට කියන්න පුළුවන් මේ සිද්ධිය නිසා අපි පීඩාවට පත් වුණා කියලා.

ඒ වගේම ශ‍්‍රී ලංකාවේ පුද්ගල කණ්ඩායම් සහ ජන කොට්ඨාශවල අයිතිවාසිකම් පද්ධතියක් හැටියට විනාශ වූ අවස්ථා තිබෙනවා. 1987 ඔක්තොම්බර් මාසයේ උතුරු නැගෙනහිරින් සිංහල මිනිසුන් පන්නා දැමුවා. කිසිම හානිපූරණයක් සිදු කළේ නැහැ. 1991 ජූනි මාසේ සියළු මුස්ලිම්වරු පන්නා දැම්මා කිසිම හානිපූරණයක් කළේ නැහැ.

අන්න ඒ සියළු දෙනාටම දැන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් සමහර අයට සාමූහිකව වැඩකරන අයට යටිතල පහසුකම්  නංවන්න පාරවල් හදලා දෙන්න, රැකියා අවස්ථා ලබාදෙන්න, අධ්‍යාපනික වැඩසටහන් දෙන්න, මෙන්න මේවා තමයි මිත‍්‍රවරුනි මේ යෝජනා කරලා තිබෙන්නේ.

මේ රටේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණතක් තිබෙනවා 1978, එහි පැහැදිලිව ත‍්‍රස්තවාදය මොකද්ද කියලා අර්ථ දක්වලා තිබෙනවා. කොටි කියන්නේ නීති විරෝධි සංවිධානයක්. ඒ වගේම ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම පිළිබඳව තව පනතක් තිබෙනවා. ඒකෙත් ත‍්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූවේ කවුද කියලා තිබෙනවා.

ඒ පනත් දෙකෙන් ත‍්‍රස්තවාදියා කවුද කියලා පැහැදිලිව හඳුන්වලා තිබෙන කොට තව විදිහකට කොටින්ට වන්දි ගෙවන්න බැහැ මිත‍්‍රවරුණි. මොකද ඒ ගොල්ලො බොහොම පැහැදිලිව නම් කරලා වරදකාරයෝ වෙලා තිබෙනවා. ඒ වගේම කවුරු කවරු විරුද්ධ උනත් අපි කියන්න  ඕනේ ත‍්‍රස්තවාදී කල්ලි කණ්ඩායම් මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ.

අපි තමයි ඉදිරියට ගිහිල්ලා ඒ ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරලා මේ රටට සාමය අරන් දෙන්න මේ රටට කැපවුණේ. ඒ වගේම 12,600 ක් ත‍්‍රස්තවාදීන් යටත් උනා. ඒ අයගෙන් නැගෙනහිර මිනී මරපු රාම්, නගුලන් වගේ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා. කේ.පී.ට, රාම්, නගුලන්ට ඒ ත‍්‍රස්තවාදීන් හයසිය ගණනක් මොණරාගල, කතරගම අපේ ජනතාව මරපු අය. ඔවුන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ත‍්‍රස්තවාදී නායකයින්ට රාජපක්ෂලා හානිපූරණය කරලා දුන්නා“යැයි අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News