කාසල්රි ජලාශය පිටාර ගැලීමේ අවදානමක

Share

කාසල්රි ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ගත වු දින කිහිපය තුළ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන මහඑලිය
රක්ෂිතයට ඊයේ (25) පස්වරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමුඔය බගවන්තලාව ප්‍රදේශයෙන් පිටාර ගැලිමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.

කාසල්රි ජලාශයේ ජල මට්ටම වේල්ල මට්ටමට පැමිණ ඇති අතර වේල්ල මට්ටමින් ඉහළ අඩි 4 ක ලැලි ගේට්ටුවක් සවි කර ඇති බවත්, එම ලැලි මට්ටමද ජලාශයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියේ.

පැවති වර්ෂාවත් සමඟ ලක්ෂපාන ජලායේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබේ.

Read more

Local News