ජනවාරි සිට කාබන් බද්දක්

Share

ලබන වසරේ ජනවාරි  සිට මෝටර් වාහන සඳහා කාබන් බද්ධ අයකරන බවත් එය විදුලියෙන් ක්‍රියාක්මක වාහන සඳහා අදාළ නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදි පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර විවාදය ආරම්භ කරමින්ය.

“මුදල් පනත අනුව 2018 දී බදු නීති හයක් සඳහා ප්‍රතිපාදන පනවා තිබෙනවා. සංචාරයක බදු අනුව වාර්ෂික පිරිවැය මිලියන 12 ක පිරිවැටුපක් සහිත සංචාරක ආයතන සඳහා බද්ධක් ක්‍රියාත්මකයි. කොටස් හුවමාරු බද්ධ ඉවත් කළා. මෝටර් රථ ආනයනයේදී සුඛෝපභෝගි වාහන බද්ධ ලෙස බද්ධක් හදුන්වා දෙනවා. මන්දිර බද්ද අහෝසි කෙරෙනවා. සුඛෝපභෝගි හා අර්ධ සුඛෝපභෝගී ලෙස පැවැති බද්ධ එක බද්ධක් ලෙස සංශෝධනය කිරීමට කටයුතු කරනවා. වාහන හිමිකම් අය බද්ධ හා සමාගම් ලියාපදිංචි බද්ධ එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා වැඩසටහන යටතේ ඉදිරිපත් කරනවා. මෝටර් රථ කාබන් බද්ද 2019 ජනවාරියේ සිට අයකරනවා. විදුලියෙන් ධාවනය වන වාහන මෙයට අයත්වෙන්නේ නැහැ.  ඒවගේම දුරකථන කුළුණු බද්ධත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

 

Read more

Local News