ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Share

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පිලියන්දල, මඩපාත ප්‍රදේශයේදී විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු 04ක් සහ අසභ්‍ය ඡායාරූප ඇතුළත් ජංගම දුරකනතයක් පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි මාලි ජාතිකයෙකු වන අතර ඔහු අද(26) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News