මහින්ද බුද්ධාගමේ තැන ගැන කතා කරයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන 20 වන සංශෝධනය මඟින් බුදු දහම සඳහා තිබු තැන අඩුකර අැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අම්බලන්ගොඩ මීටියාගොඩ ලෙව්දූව ශ්‍රී තපෝදාරාම මහා විහාරයේ සීමා මාලකය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

මේ අතර ආණ්ඩුව විසින් බුදු දහම පෝෂණය කිරීමේ වගකීමෙන් ඉවත් වී අත සෝදා ගැනීමේ උත්සහයක නිරතවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම බුදු දහම සඳහා ඇති ආරක්ෂාවද අඩුකර ඇති අතර බුදු දහමට නිසි තැන ලබා දීම රජයේ වගකීමක් බව හිටපු ජනාධිපතිවරයා එහිදි වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News