ඛෂෝගි පුත් සාලා සෞදිය හැර යයි

Share

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර අමෙරිකාවේ වොෂින්ටන් නුවර වෙත ගොස් තිබේ.

ඔහු සිය පවුලේ සාමාජිකයින් ද සමග වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තා අනාවරණය කර අැත.

සාලා, අමෙරිකානු හා සෞදි ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක් වන අතර ඝාතන සිද්ධියට පෙර, සෞදි රජය ඛෂෝගි පවුලට සංචාරක තහනමක් පනවා තිබූ අතර මානව හිමිකම් සංවිධානයක් අනාවරණය කළේ එම තහනම ඉවත් කිරීමත් සමග ඔවුන් වොෂින්ටන් බලා පිටත්ව ගොස් ඇති බවය.

Read more

Local News