පොස්පරස් අධික පොහොර සීමා වේ

Share

මධ්‍යම කඳුකර ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතුවලදී පොස්පරස් සාන්ද්‍රණය අධික පොහොර භාවිතය සීමා කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දීමක් සිදු කර තිබේ.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පොස්පරස් සාන්ද්‍රණය අධික පොහොර භාවිතය හේතුවෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල ජනතාවගේ ජන ජිවිතයට බලපෑම් එල්ල විය හැකි බවයි.

එම ප්‍රදේශවල එළවළු සහ තේ වගාවන් සඳහා පොස්පරස් සාන්ද්‍රණය අධික පොහොර භාවිතා කිරිම බහුල වශයෙන් සිදුවෙයි.

දිගින් දිගටම මධ්‍යම කඳුකර ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා පොස්පරස් භාවිතා කිරිමේදී සිදුවිය හැකි හානිදායක තත්ත්වයක් වර්ධනය වීම වැලැක්විම සඳහා ගොවීන්ට පොස්පරස් භාවිතය අවම කිරිමට උපදෙස් ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News