ඇවන්ගාඩ් නඩුව යළි විභාගයට

Share

ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබිය.

ඒ රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් ලද චෝදනා යටතේය.

මෙහිදී නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන සමන් ශ්‍රී දිසානායක මහතා සාක්ෂි ලබා දුන් අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 09 වනදාට කල් තබා තිබේ.

ඉකුත් රජය සමයේ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු කර දීමට එම සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාගෙන් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාම ලත් යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවේ චෝදනාවක් ගොනු කර තිබේ.

Read more

Local News