ඡන්ද ගැන කතා කරන්න ලබන සතියෙත් හමුවෙයි

Share

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමට පියවර ගත යුත්තේ පාර්ලිමේන්තුව නියෝජ්‍ය කරන මන්ත්‍රීවරුන් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර අැත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් එළඹෙන සතියේදී පැවැත්විමට නියමිත බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර තිබේ.

අදාළ සාකච්ඡාව සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද එක්විමට නියමිතව තිබේ.

මාසයක පමණ කාලයක් තුළ පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවන දෙවන අවස්ථාව මෙය වන අතර දැනට ආණ්ඩුකාර පාලනය යටතේ ක්‍රියාත්මක පළාත් සභා පිළිබඳව සහ පළාත් සභා ඡන්ද විමසීම කඩනමින් පැවැත්විම පිළිබඳව ද සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තාවේ.

Read more

Local News