යහපත් සමාජයක් ගොඩනැඟීමට සියලු පාර්ශවයන් වගකීම් ඉටු කළ යුතුයි – ජනපති

Share

යහපත් සහ සදාචාරවත් සමාජයක් සඳහා අවශ්‍ය මඟපෙන්වීම ති‍්‍රපිටකයේ, බයිබලයේ, කුරානයේ මෙන්ම භගවත් ගීතාවේ ද අන්තර්ගතව ඇති බැවින් ආගමික පරිසරය තුළ යහපත් සමාජයක් ගොඩනැඟීමට සියලු පාර්ශ්වයන් වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (26) පෙරවරුවේ එක්වෙමිනි.

රටේ දරු පරපුරට එරෙහි අභියෝග ජය ගැනීමේ දී විභාග මෙන්ම ජීවිත ද ජය ගැනීම සඳහා ඔවුන් පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා දරුවන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඉහළ නැංවීම එහිදී අත්‍යවශ්‍ය බව ද කියා සිටියේ ය.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට රජය පුළුල් වැඩකොටසක් ඉටුකරමින් සිටින මෙම අවස්ථාවේ දැයේ දරුවන් දැනුමෙන් මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයෙන් ද යුත් පරපුරක් ලෙස ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවයි.

රෝමානු කතෝලික සභාව විසින් ගම්පහ දේවස්ථාන භූමියේ ආරම්භ කළ සිරිකුරුස විද්‍යාලයට මේ වන විට පුරා වසර 90 කි. රටට යහපත් පුරවැසියන් රැසක් දායාද කළ ගම්පහ සිරිකුරුස විද්‍යාලය දරුවන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමට හා දරුවන්ගේ ජීවිතවල යහපත් පරිවර්තනයක් උදෙසා වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කරමින් සිටි.

Read more

Local News