මාධ්‍යවේදීන්ට ඇපල් වොච් දෙන්න රංජන් කියයි

Share

ජමාල් ඛෂෝගී ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (25) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අදහස් පල කරමින් කියා සිටියේ, ලසන්ත වික්‍රමතුංග ප්‍රගීත් එක්නැළිගොඩගේ දේවල් බලද්දි ලංකාවට මේවා අමුතු අත්දැකීමක් නොවන බවත්රැඩිකල් තීරණ ගත් සල්මාන් කුමාරයා අතින් මෙවැනි ඝාතනයක් සිදුවීම පුදුම සහගත වන බවත්ය.

අනාගතයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කුමන පියවරක් යෝජනා කරන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් රංජන් රාමනායක මහතා පැවසුවේ, සියලූම මාධ්‍යවේදීන්ට ඇපල් ඔරලෝසු ලබා දිය යුතු බවයි.

මේ අතර ඊයේ (25) ශ්‍රිලංකා සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිටදි එරට මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ඝාතනය කිරීමට එරෙහිව මෙරට විරෝධතාවක් පැවැත්විණි.

ශ්‍රි ලංකා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සිවිල් ක්‍රීයාකාරීන් පිරිසක් විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණු අතර එහිදී විරෝධතාකරුවන් සෞදි තනාපති කාර්යාලය වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීය.

 

Read more

Local News