නාලකට විශේෂ ආරක්ෂාවක්

Share

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට රිමාන්ඩ් බන්ධනාගාරයේදී විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.

ඒ ලබන මස 7 වන දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබාදුන් අවස්ථාවේදිය. ඒ අනුව බන්ධනාගාරය මගින් ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදී අැත.

ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ලවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (25) පැමිණියේ පස්වන දිනටයි. එහිදී කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබිය.

ඉන් පසු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නිල නිවස වෙත රැගෙන ගොස් මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී නාලක ද සිල්වා මහතා ලබන 7 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබිය. මේ අතර නාලක ද සිල්වා මහතාට ඇති රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් අවදානය යොමුකරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර ඒ ඔහු වෙනුවෙන් ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවය.

Read more

Local News