අලුත්ගමගේ උදේ පාන්දරම පැත්ත මාරු කරයි

Share

මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආනන්ද අලුත්ගමගේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහය දක්වන බව ප්‍රකාශ කරයි.

අ(26) රාත්‍රියේ නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීම සඳහා විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසට පැමණි අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවේ මේ බව දන්වා සිටියේය.

ගත වූ වසර තුනහාමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ රට අගාධයට ගිය බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන මාසයක් යන්නටත් මත්තෙන් තමන්ට ඔහු කවුදැයි අවභෝධ වූ බවත් ඔහු පැවැසීය.

අන්මත ගරු නොකරන හිතුවක්කාර නායකයකු ලෙස වික්‍රමසිංහ අගමැතිවරයා හදුන්වා දුන් අලුත්ගමගේ මහතා තමන් සමග එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා වටා රෝක් වීමට සූදානම්ව සිටින බවත් නව අගමැතිවරයා සමග එක්ව අලුත් ආණ්ඩුවක් හදන බවත් කියා සිටියේය.

මේ වනවිට තමන් ඇතුළු එජාප පිරිස අරලිය ගහ මන්දිරයට කැදවා ඇති නමුත් විශාල පිරිසක් එම කැඳවීම ප්‍රතික්ශේප කර ඇති අතර තමන්ද එහි නොගොස් නව අගමැතිවරයා සොයා පැමිණි බවත් ඔහු මෙහිදී මාධ්‍ය හමුවේ පැවැසීය.

Read more

Local News