අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 100-150 පමණ තද වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

Read more

Local News