රනිල් – මහින්ද ගැන ජාත්‍යන්තරයත් අවධියෙන්

Share

අගමැති ධුරය සමිබන්ධයෙන් ලංකාවේ උද්ගත වි අැති තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර රටවල් බොහෝමයක් අවධියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව සිංගප්පූරුව, චිනය, අමෙරිකාව, ජපානය, ඉන්දියාව අාදි වශයෙන් බොහෝ රටවල් ලාංකාවේ දේශපාලන වාතාවරණය පිළිබදවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස ක්‍රියාත්මක වෙනවාද යන්න පිළිබද දැඩ් අවධාානයෙන් පසු වන බව වැඩ්දුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

මේ අතර ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කරමින් සිටින බව අමෙරිකාව පැවසීය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෑම පාර්ශ්වයක්ම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනු ඇති බවත් ජිනීවා සම්මුතිය ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

Read more

Local News