නාමල් FCID යයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ ය.

එහි නිලධාරියෙකු පැවසුවේ, අධිකරණයේ නියෝගයක් මත මන්ත්‍රීවරයා අද එහි පැමිණි අතර මන්ත්‍රීවරයා කොට කළිසමකින් සැරසී අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

නාමල් රාපක්ෂ මහතා මාසිකව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටියේ, ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගනුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලයන 30 මුදලක් උපයා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවකට සහ රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ලංකා නමැති ඉන්දියානු සමාගම ලබාදුන් රුපියල් ලක්ෂ 70 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවලට සමිබන්ධවය.

Read more

Local News