පොලිසියෙන් ෆේස්බුක් සාදයක් වටලයි

Share

හපුතලේ, හෙරගල පාර විහාරගල ප්‍රදේශයේ කුලී නිවසක පැවැත්වු ෆේස්බුක් සාදයක දි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ටැබ්ලට් වර්ගයේ මත්ද්‍රව්‍ය,හෙරෝයින් ,ගංජා, ස්ටැම්ප් වර්ගයේ මත්ද්‍රව්‍ය සහ මත් පැන් ඔවුන් සතුව තිබි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

මෙම පිරිස බදුල්ල, රත්නපුර, පස්සර සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරික්ෂණ පවත්වන බව පොලිසිය වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News