ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

ඉංගිරිය නගරයේදී ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලොරි රථයකින් පැමිණ යතුරුපැදි සොරකම් කරන බවට ඉංගිරිය පොලිසියට ලද තොරතුරක් මත අදාල ලොරි රථය නවතා පරික්ෂා කිරිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී එක් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර ලොරි රථයේ සිට අනෙක් පුද්ගලයින් දෙදෙනා ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 හැවිරිදි සහ 36 හැවිරිදි අගලවත්ත, පත්බේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අද (29) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර ඉංගිරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News