මහින්දානන්දගේ නඩුව 7ට යයි

Share

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද(29) නියම කළේය‍.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.නමුත් අද දින ඒ මහතා නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය නොවැම්බර් මස 7 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියම කළේය.

රුපියල් මිලියන 27 ක මුදලක් ඉකුත් රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ අයථා ලෙස වැයකොට කොළඹ කින්සි පාරේ පිහිටි නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ චෝදනා කරමින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News