කොටස් වෙළෙඳපොළ ඉහළ යයි

Share

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර පසුගිය සිකුරාදා (26) දින කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගියේය.

සිකුරාදා (26) දින රුපියල් බිලියන 1.47 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රුපියල් බිලියනයක විදේශීය මිල දී ගැනීම් සහ රුපියල් බිලියන 1.1 ක විදේශීය විකුණුම් වාර්තාවේ.

Read more

Local News