මන්ත්‍රී අගේ වැඩිවේ

Share

උද්ගත වී ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වය යටතේ බහුතරය පෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය පක්ෂවල රඳවා ගැනීමට හා අලුතින් දිනා ගැනීමට මහින්ද පාර්ශ්වය හා රනිල් පාර්ශ්වය කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහාන් කරයි.

මේ වන විටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරින් වර යන එන බව ද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියටත් කටයුතු කරන බව දන්වා මේ වනවිට දිවුරුම් ප්‍රකාශ ලබාදී තිබේ.

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කී එක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරුන් මේ වනවිට එම අදහස වෙනස් කරගෙන ඇති බව පැවසේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ පාර්ශවය මේ වනවිට දෙමළ ජාතික සන්ධානය හා රිෂාඩ් බදියුදීන් ගේ පක්ෂය සමග සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

එජාපයේ ආනන්ද අලුත්ගමගේ සහ වී. රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරු මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ඉදිරිපත්ව සිටින අතර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා මහින්ද පාර්ශ්වයට තවත් මන්ත්‍රීවරුන් 13කගේ සහය ලබා ගැනීමට අවශ්‍ය බව දේශපාලන ආරංචිමාර්ග කියයි.

Read more

Local News