ඉන්දියාවේ සද්ධන්තයින් 7ක් මරුට

Share

හදිසි අනතුරකින් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී අලින් හත් දෙනෙකු මියගොස් තිබෙන අතර විදුලි සැර වැදීමෙන් මෙතරම් අලි සංඛ්‍යාවක් එකවර මියගිය පළමු අවස්ථාව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ කමලන්ගා ගම්මානය ආසන්නයේ වගුරු බිමක් තරණය කරමින් සිටි 13දෙනෙකුගෙන් යුත් අලි රංචුවකට විදුලි සැර වැදී තිබෙන බව වාර්තාවේ.

කඩාවැටුණු විදුලි කම්බියකින් වගුරුබිමේ ජලයට කාන්දුවූ විදුලි සැර වැදීමෙන් අලින් හත් දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේය.

වගුරට විදුලිය කාන්දුවූ කම්බිය 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට කඩා වැටී තිබෙන බවත් ඒ බව විදුලිබල දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වනජීවි බලධාරීන් ප්‍රකාශ කර අැත.

මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ.

Read more

Local News