ජවිපෙ රැළිය 01 වැනිදා

Share

ජනතාවාදී දේශපාලනයකට ජනතාව පෙළගැස්වීමේ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා වන පළමු රැළිය නොවැම්බර් (01) දින සවස 3.00ට නුගේගොඩදී පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසීය.

සිවිල් සංවිධාන, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මාධ්‍යවේදින් ඇතුළු සියලු ජනකොටස් මේ සඳහා දැනටමත් රැස්කර ඇති බවද, මෙතෙක් එයට එක් නොවූ සියලු බලවේගයන්ට එදිනට එක්වන ලෙස ආරාධනා කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

දැනට පවතින දේශපාලන තත්ත්වය තුළින් පොත් දහසක් කියවාවත් ලබාගත නොහැකි ඇත්දැකීම් සමුදායක් ජනතාවට ලබාදී ඇති බවද මෙරට ජරාජීර්ණ දේශපාලනය තේරුම් ගැනීමට එය ඕනවටත් වඩා ප්‍රමාණවත් බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News