ඛනිජ තෙල් වර්ජනය අවසන්

Share

ඛනිජ තෙල් වර්ජනය අවසන් කර තිබේ.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් ඛනිජ තෙල් සේවකයන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

හිටපු අමාත්‍යවරයා ඊයේ (28) දින ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමෙන් අනතුරුව සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

තවත් අයෙක් තුවාල ලැබු අතර මෙම සිදුවිමට අදාළව අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තෙක් අඛණ්ඩ වර්ජනයක් දියත් කිරිමට ඛනිජ තෙල් සේවකයන් කටයුතු කළේය.

කෙසේ වෙතත් අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගැනීමත් සමගින් එම වර්ජනයද අවසන් කර තිබේ.

Read more

Local News