කථානායක, අමෙරිකා නියෝජිත දෙපලක් හමුවෙයි

Share

අද (29) පස්වරුවේ අමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන තානාපති රොබට් හිල්ටන් (Robert Hilton) සහ අමෙරිකා තනාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි (Anthony Renzulli)යන මහත්වරු කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී හමු වී තිබේ.

ශ්‍රි ලංකාවේ උද්ගත වු තත්වය පිළිබඳව  තමන් විමතියට පත් වු බව මෙහි දී අමෙරිකා නියෝජිත දෙපල ප්‍රකාශ කර අැත.

ඒ පිළිබඳව අමෙරිකා රජයේ දැඩි සැලකිල්ල යොමු කරන අතර, ඉතාමත්ම ඉක්මණින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ශ්‍රී ලංකාව පත්ව ඇති අස්ථාවරභාවයට විසඳුම් සොයා ගනු  දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බවද මෙහිදී ඔවුන් පවසා තිබේ.

Read more

Local News