නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

Share

නව රජයේ කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දුන්නේය.

නව අමාත්‍ය මණ්ඩලය මෙසේය,

මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය

මහින්ද සමරසිංහ – වාරය සහ නාවික කටයුතු අමාත්‍ය

මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය

විජේදාස රාජපක්ෂ – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

විජිත් විජේමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය

ඩග්ලස් දේවානන්දා – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

අර්මුගන් තොන්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා අමාත්‍ය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

වසන්ත සේනානායක- සංචාරක කටයුතු හා වන ජීවී අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

ආනන්ද අලුත්ගමගේ- සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

වඩිවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

මෙලෙස කැබිනට් අමාත්‍යවරුන් 12ක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් අද දින දිවුරුම් දුන් අතර ඉදිරි දින කීපය ඇතුළත ඉතිරි අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතය.

Read more

Local News