අමෙරිකාවට එන සංක්‍රමණිකයන් එලවයි

Share

මධ්‍යම අමෙරිකානු සංක්‍රමණිකයන් දහස් ගණනින් අමෙරිකා එක්සත් ජනපදය වෙත ඇදෙන බැවින් මෙක්සිකෝ දේශසීමාව වෙත අමතර ආරක්ෂක භටයන් 5,200ක් යොමු කිරීමට පෙන්ටගනය තීරණය කර තිබේ.

ජාතිමාමක මෙහෙයුම ලෙස නම් කර ඇති මෙම දේශසීමා ආරක්ෂණ මෙහෙයුමේදී ටෙක්සාස්, ඇරිසෝනා සහ කැලිෆෝනියා යන ප්‍රාන්ත ප්‍රධාන වන බව ජෙනරාල් ටෙරන්ස් ඔෂොග්නෙසී පැවසීය.

මීට පෙර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ මෙම සංක්‍රමණික ආක්‍රමණයට මුහුණදීම සඳහා අමෙරිකානු හමුදා සූදානමින් සිටින බවයි. මේ වනවිටත් ජාතික ආරක්ෂක භටයන් 2,100ක් පමණ දේශසීමා ආරක්ෂාවේ යෙදී සිටින අතර, මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ජනපති ට්‍රම්ප් විසින්ම කරන ලද ඉල්ලීමකට අනුව එම භටයන් අනුයුක්ත කිරීම සිදුවිය.

 

Read more

Local News