මෙක්සිකෝවේ මළවුන් සමරයි

Share

මළවුන්ගේ දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ උත්සවයක් පසුගියදා මෙක්සිකෝවේ පැවැත්විණි. ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගිවී සිටි බව විදෙස් වාර්තා කර තිබේ.

නොවැම්බර් දෙවන දිනට යෙදී තිබෙන මළවුන්ගේ දිනය නිමිත්තෙන් මෙක්සිකෝ අගනුවරදී මෙය පවත්වා තිබේ.

සංදර්ශනයට මළවුන් මෙන් සැරසුණු පුද්ගලයින් එක්ව සිටි අතර විචිත්‍රාංග රැසක්ද එක්කර තිබු අතර මළවුන්ගේ දින සැමරුම මෙක්සිකෝවේ මුල් බැසගත් සාම්ප්‍රදායික උත්සව වලින් එකක්ද වන අතර මෙක්සිකෝ සිටි නගරයේ දකුණු දිග නිවර්තන ප්‍රදේශවල වෙසෙන මායා ඉන්දියානුවන් එය උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි.

Read more

Local News