කොටස් වෙළෙඳ පොළ ඉහළට

Share

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුල දෛනික පිරිවැටුම ඊයේ (29) දින රු.බිලියන 4.1ක් ඉක්මවා ඉහළ ගොස් තිබේ. ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 112ක් දක්වා වර්ධනය වෙමිනි.

දිගින් දිගටම කඩා වැටෙමින් පැවති කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය ඔක්තෝබර් මස ( 25) සිට ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර, ඊයේ දිනයේදී සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 5,944.18ක් ලෙසටය.

එම මිල දර්ශකය ඒකකය 112.22ක ඉහළ යෑමක් වාර්තා කළ අතර, එය 1.92%ක වර්ධනයකි. මේ අතර, S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 3,058.59ක් ලෙසිනි. එම මිල දර්ශකය ඒකක 61.26ක ඉහළ යෑමක් වාර්තා කළ අතර, එය 2.04%ක වර්ධනයකි.

ඊයේ දිනයේදී වාර්තා කළ දෛනික පිරිවැටුම වන රු.4,166,902,471.20 මෙම වසරේ මේ දක්වා වාර්තා කළ දෛනික සාමාන්‍ය පිරිවැටුම වන රු.මිලියන 768.2 හා සැසඳීමේදී පස් ගුණයකට ආසන්න අගයකි.

Read more

Local News