ඉන්දීය ධීවරයින් 17ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් ඊයේ (29) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවට අනුයුක්ත නාවිකයින් විසින් ඩෙල්ෆ්ට් දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා දෙකක් සහ උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් විසින් කච්චතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී එක් ධීවර යාත්‍රාවක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාරදීමට නියමිත බව නාවික හමුදාව පවසයි.

Read more

Local News