කරූගෙන් මෙෙත්‍රිට ඉල්ලීමක්

Share

කථානායක කරූ ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ රට අර්බුදයකට පත්වීමට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නොපමාව පාර්ලිමේන්තුව කැදවන ලෙසටය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම යන මැයෙන් ලිඛිතව ලිපියක් යොමු කරමින් කථානායකවරයා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 දෙනෙකුට වැඩි  පිරිසක් නියෝජනය කරමින් තම වරප්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ස්ථාපිත කරන ලෙස ඉල්ලා පක්ෂ කිහිපයකින් තමන් වෙත ඉල්ලීම් ලැබී ඇති බව කථානායකවරයා අදාළ ලිපියෙන් සඳහන් කර ඇත.

Read more

Local News