ෆොන්සේකා එජාප රැළිය අමතයි

Share

මේ වන විට නව අගමැති ලෙස මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් විසින් පවත්වන විරෝධතාවය ආරම්භ වී තිබෙන අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන් සමග අවුරුදු 10ක් හෝ 15ක් වුණත් සටන් කරන බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

” රාජපක්ෂලාත් සමග අවුරුදු 10ක් 15ක් වුණත් සටන් කරනවා. අනාගතයේත් ජනේලයේ එල්ලිලා කතා කරන තත්ත්වයට පත්කරනවා. එක්කෙනෙක් පොලොන්නරුවේ ජනේලේ ඉදන් කතාකරයි. අනෙක් කෙනා මැදමුලනේ ජනේලේ ඉදන් කතාකරයි.”

Read more

Local News