රනිල් රැළිය අමතයි

Share

මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ රැළිය පැවැත්වෙමින් තිබෙන අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර රැළිය අමතමින් පැවසුවේ ” ‌පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි ඉදිරියට ගියා. අපි නොහිතපු අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වරම කඩා දාලා විධායක ජනපති බලය අතට ගන්න හදනවා. ඒකට අපි විරුද්ධයි. ජනතාව කැපවෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දෙන්න. සඳුදා වෙනකොට හිර කාරයෝ වගේ වෙයි කියලා හිතුවා. ජනතාව සංවිධානය වෙනකම් මේ අරලිය ගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංඛේතය බවට පත්කළා.

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වා. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ඡන්දයත් පාර්ලිමේන්තුවත් පාගලා දාන්න ඉඩ දෙන්නේ නෑ. අරලිය ගහ මන්දිරයෙන් පටන් ගත්ත රැළිය රට වටේම ගිහින්.”යනුවෙනි.

Read more

Local News